― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"ලංකාව අමාරුවේ දැම්මේ චීනයයි"

“ලංකාව අමාරුවේ දැම්මේ චීනයයි”

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිදභාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී විශේෂ දේශනයක් පවත්වමිනි.

ඇය පවසන්නේ ඉකුත් දශක දෙක තුළ චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත් වූ බවයි.

ණය ලබා දෙන සෙසු ආයතන හා රටවලට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු චීනය විසින් ලබා දී ඇති බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් එම දේශනයේදී සඳහන් කර තිබේ.

චීනය විසින් සෙසු ද්විපාර්ශ්වික ණයහිමියන් මෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්ද යන්න මේ වන විට ඇති ප්‍රධාන ගැටලුව බවද ඇය එහිදී පවසා ඇති අතර ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාවට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ලබාදුන් කඩිනම් සහන ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් වැඩිදුරටත් සඳහන් කර තිබේ.