28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේ දලු මිල 100%කින් ඉහළට

තේ දලු මිල 100%කින් ඉහළට

තේ දලු මිල සියයට 100කින් ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල රුපියල් 100ත් 130ත් පැවති බවත් එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන පැවසීය.

සභාපතිවරයා පැවසුවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවයි. තේ දලු අස්වැන්නේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තුෂාර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය.