33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පාපැදියට වෙනම මංතීරුවක්

අද සිට පාපැදියට වෙනම මංතීරුවක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් පාපැදි භාවිතයට නැඹුරු වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ගවල පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරු ඇති කිරීමට තීරණය කර තිබේ.

කොළඹ මහනගර සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කොළඹ බැංකු මාවතේ පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරුවක් විවෘත කිරීම අද (29) සිදු වුණා.

පා පැදි ආරක්ෂිතව රඳවා තැබීමේ ස්ථානද මෙහි වෙන් කර තිබෙනවා. එමෙන්ම කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ද පා පැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට අද සිට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.