26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පෝලිමකදී තවත් ජීවිතයක් අහිමි වෙයි

ඉන්ධන පෝලිමකදී තවත් ජීවිතයක් අහිමි වෙයි

ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ තවත් අවාසනාවන්ත සිදුවීමක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉන්ධන ලබාගැනීම සඳහා දින 04ක් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. හදිසියේ හටගත් හෘදයාබාධයකින් මෙම පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ වයස අවුරුදු 51කි.

එලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි සිව්දරු පියෙකි.