32 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුරාවිද්‍යාත්මක ස්ථාන ලැයිස්තුවේ ජනපති මන්දිරය නැහැ?

පුරාවිද්‍යාත්මක ස්ථාන ලැයිස්තුවේ ජනපති මන්දිරය නැහැ?

අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හතර පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තා වෙයි.

ඒ අනුව ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දෙයි.

ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට අදාළව මූලික කටයුතු සිදුවී තිබුණද ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් හැටියට නම් කෙරුණු බව සඳහන් පරිපූර්ණ ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.

මේ හේතුවෙන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පෞරාණික ස්ථාන ලෙස සඳහන් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

එසේම ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික භාණ්ඩ පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් නැතැයිද වාර්තා වෙයි.