22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිත්තණිය හා මිනිබිරිය සැඩ පහරකට හසුවෙයි

මිත්තණිය හා මිනිබිරිය සැඩ පහරකට හසුවෙයි

පොල්පිටිය, බොකරවැවිල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිනිබිරිය සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් පොලිසිය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී 60 හැවිරිදි වියේ පසුවූ මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර පස් හැවිරිදි මිනිබිරියගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැහැ.

පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර ඇළ මාර්ගය තරණය කිරීමට යාමේදී දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. ලක්ෂපාන – පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කැළණි ගඟට ගලා බසින මෙම ඇළ මාර්ගයේ සැඩ පහර වැඩි වී තිබෙනවා.