25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්කයිඩා නායකයා ජීවිතක්ෂයට

අල්කයිඩා නායකයා ජීවිතක්ෂයට

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ආයිමාන් අල්සවාහිරී ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් ප්‍රකාශ කළේ ඇමෙරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානය තුළදී අල්කයිඩා නායකයා ඝාතනය කළ බවයි.

ඝාතනයට ලක්වන විට ඔහු 71 වන වියේ පසුවූ බවට තොරතුරු වාර්තා වන අතර, එම ත්‍රස්ත සංවිධානයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ආයිමාන් අල්සවාහිරී නායකත්වයට පත් විය.

ඒ අනුව අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්විය හැකියි.