2022 පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ධාවන ඉසව් තරග ඊයේ (02) බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ධාවන පථයේදී ආරම්භ වුණා.
ඒ අනුව මීටර් 100 සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයකට ඉදිරිපත් වූ දකුණු ආසියාවේ වේගවත්ම පුද්ගලයා වන යුපුන් අබේකෝන් එහි ප්රථම ස්ථානය දිනා ගන්නට සමත් විය.
එම තරගය තත්පර 10.06 කින් අවසන් කළ යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.