― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති පුටුවේ වාඩි වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජනපති පුටුවේ වාඩි වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය 09 වැනිදා කොටුව ජනපති මන්දිරයට ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02) දහවල් දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 28ක් වන සමන්පුර ගම පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට අප්‍රේල් 24 වැනිදා ආරම්භ වූ විරෝධතාවය ආරම්භයේ සිට රැඳී සිටිමින් එය අවසන් කරන අවස්ථාවේදී අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙක්ද ඊයේ දහවල් ජා ඇලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 35ක් හා 37ක් වයසැති සැකකරුවන් තුඩැල්ල හා මාඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.