එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද (03) දැනුම් දුන්නේය.
එහි ප්රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවන ලෙස නියම කළේය.
එදිනට පරීක්ෂණවල ප්රගතිය වාර්තා කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥයාට දැනුම් දී තිබේ.