25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්කුඩු වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

මත්කුඩු වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් ‍පැමිණි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පහරදී තිබේ.

සැරයන්වරයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි.

පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට අදාළ සැරයන්වරයා එහි ගොස් ඇති අතර අදාළ තොරතුරු ලබාගෙන ගාලුපාර දෙසට එමින් සිටියදී පහරකෑමට ලක්ව ඇතැයි සඳහන් වේ.

ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් ඔහු වටකර පොලු මුගුරුවලින් පහරදී ඇතැයිද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.