විදේශීය සංචාරකයන්ට ගුවන්තොටුපළේදීම ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව ප්‍රකාශ කළේ අද (04) ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව මාර්ගගත ක්‍රමයට පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.