― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංගමෙන් ඉන්ධන බෙදාහැරීම වේගවත් කරන්නැයි උපදෙස්

ලංගමෙන් ඉන්ධන බෙදාහැරීම වේගවත් කරන්නැයි උපදෙස්

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදුකෙරෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මේ බව දන්වා ඇත.

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩිදුර යෝජනා ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙහිදී නියෝග කළේය.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 31 වැනිදා සිදුකිරීමට නියමිතය.