― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocal ජන වරමක් නැති මේ ආණ්ඩුවට මර්දනය හැර වෙන විකල්පයක් නෑ

 ජන වරමක් නැති මේ ආණ්ඩුවට මර්දනය හැර වෙන විකල්පයක් නෑ

 ජන වරමක් නැති මේ ආණ්ඩුවට මර්දනය හැර වෙන විකල්පයක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද 5 දින පෙරටුගාමී සමාජවාදීපක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

 අරගලය ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දැවැන්ත මහජන නැගිටීමක්.

 සුවිශේෂ දේශපාලන අභ්‍යාසයක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ මහජන අරගලය ඉදිරියේ පලා යන්න සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ හොරපාරෙන් ව්‍යවස්ථාවේ වගන්ති පාවිච්චි කරලා අද වෙනකොට  ජනාධිපති ධූරයට පත්වෙලා ඉන්නේ.

 රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ ජන වරම අහිමි වෙච්ච ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ආණ්ඩුවක් තමයි අද වෙනකොට මහජන අරගලය අතරමැද අවස්ථාවේ පාලන බලය හොබවන්නේ.

 කුමන්ත්‍රණ ආණ්ඩුව අරගලයට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරන්නේ මර්දනය ගෙනල්ලා .

 රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්න අවස්ථාවේම අපි දැක්කා කොහොමද ගෝල්ෆේස් අරගලයට පහර දුන්නේ කියලා. සාමාන්‍ය පොලිසිය මැදිහත් වෙලා සිදු කරපු පහරදීමකට එහා ගිය මැදිහත්වීමක් අපි දැක්කා.

 සාමාන්‍ය අවස්ථාවල පාවිච්චි කරන අවි ආයුධ වලට වඩා වෙනස් වයර් වැනි දේවල් පාවිච්චි කරමින් පහර දීලා මර්දනය කරනවා අපි දැක්කා.

ජාතික ව ජාත්‍යන්තරව බරපතළ විරෝධයක් එල්ල වුණා.

 රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ගේ සහාය ලැබෙන පොදු ජන පෙරමුනේ කණ්ඩායම ඊට සහය දක්වන වෙනත් දේශපාලන පක්ෂවල කණ්ඩායම්  මර්දනය පාවිච්චි කරලා ජනතාවගේ ඉල්ලීම් යටපත් කරන්න උත්සාහ දරනවා.

 එකේ සන්ධිස්ථානයක් තමයි සර්වපාක්ෂික ආණ්ඩුව.

 පාර්ලිමේන්තුව නියෝජනය කරන එදා ජූලි මස විසි වෙනිදා රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු දේශපාලන කණ්ඩායම් වලින් අපි ඉල්ලා සිටින්නේ  මේ මර්දන ක්‍රියාවලියට සහභාගි වෙන්න එපා.

 රනිල් වික්‍රමසිංහට ජන වරමක් නැති මේ ආණ්ඩුවට මේගොල්ලන්ට මර්දනය හැර වෙන විකල්පයක් නෑ.

 ඊනියා නිදහසින් පස්සේ ගෙවිච්ච මේ අවුරුදු හැත්තෑ හතරේ මුහුණ දීලා තියෙන දැවැන්තම ආර්ථික අර්බුදය ඒක ඔවුන් ම කියනවා. මහ බැංකු අධිපතිවරයා සීඑන්එන් නාලිකාව තවත් විදේශ මාධ්‍ය ආයතන දේශීය මාධ්‍ය ආයතන ආර්ථික දත්ත තොරතුරු විශ්ලේෂණය කරපුහාම අපට පේනවා මේක තව කාලයක් දිගට ඇදෙන අර්බුදයක්.

 මේ රට විනාශකාරී අර්බුදයට මුහුණ දීම සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩු සියල්ලම වගකියන්න ඕන.1977න් පස්සේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි මේ රට මේ තරම් ආර්ථික අර්බුදයකට ඇදලා  දාල තියෙන්නේ.

 රනිල් වික්‍රමසිංහ මහත්තයට තිබුණ හීනයක් ජනාධිපති වෙන්න එයා හොරපාරෙන් ජනාධිපති වුණා. රාජපක්ෂ කල්ලියට පින්සිද්ද වෙන්න.

අරගලය කියන්නේ විවිධ උස්පහත් වීම් මැද්දේ ඉදිරියට යන ක්‍රියාදාමයක්

ඉතාම බලගතු ජනාධිපතිවරයෙක් පලායන තැනට අරගලය ඉදිරියට ආවා.