පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට බ්‍රිතාන්‍යට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ඉන්දීය පුවත් සේවයක් වන ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම 10 දෙනා අතුරින් ජූඩෝ ක්‍රීඩිකාවක්, ඇයගේ පුහුණුකරු සහ මල්ලවපොර ක්‍රීඩකයෙක් පසුගිය සතියේ අතුරුදහන් වී ඇති බවයි දැනගන්නට ලැබුණේ. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් කළේ.
බි‍්‍රතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් දේශීය නීති උල්ලංඝනය නොකළ නිසාත් මාස හයක් වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන තිබූ නිසාත් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගෙන තිබුනේ නැහැ.
කෙසේ වෙතත් කණ්ඩායම හැර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුදෙනා ඔවුන්ගේ තරග ඉසව්වලට සහභාගී වී මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ. මෙරට තුළ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ රැකියා සොයා ගැනීමේ අරමුණින් ඔවුන් කණ්ඩායමෙන් පැනයන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා.


