24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී අඩු වෙයිද?

ලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී අඩු වෙයිද?

ලාෆ් ගෑස් සමාගම විසින් ඉදිරියේදී මිල අඩුකිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වේමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ඒ පිළිබඳව කටයුතු කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාර වෙළඳ විශය භාර අමාත්‍යතුමාට දැනුම් දෙනවා. ලාෆ් ගෑස්වල මිල සහ ඒ බෙදාහැරීමේ ක්‍රමවේද පිළිබඳ යම් යම් පාරිභෝගික පැමිණිලි තියෙනවානම් ඒ පිළිබඳ සොයාබලා ඒකමතික ක්‍රමයකට එන්න පුළුවන්ද කියලා බලන්න කියලා.