― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොරියක් පෙරලී සිසුන් 10ක් රෝහලට

ලොරියක් පෙරලී සිසුන් 10ක් රෝහලට

බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (09) උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා.

බිබිල මූලික රෝහලට ඇතුළත් කළ අවුරුදු 15-16 වයස්වල සිසුන් 10 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය පැවසුවේ. සිසුන් 14 දෙනෙකු ලොරියට නංවාගෙන බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකට රුගෙන එමින් සිටියදි අනතුර සිදුව තිබේන බවත් අනතුර සිදුවන අවස්ථාවේදි ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රෝහල වෙත රුගෙන ගොස් ඇත.

අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල් ගතව සිටින අතර බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.