27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කනුව හිසට කඩා වැටී දෙදරු පියා ජීවිතක්ෂයට

විදුලි කනුව හිසට කඩා වැටී දෙදරු පියා ජීවිතක්ෂයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 194 කුරුණෑගල ජනපදය ග්‍රාම නිළධාරි කොට්ඨාසයේ පඬිකාරමඩුව වේරගල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ප්‍රධාන අතුරු මාර්ගයක් ආසන්නයේ තිබූ තෙක්ක ගසක් කපා ඇති අතර පසුව එම ගස මාර්ගය අසළින් තවත් පුද්ගලික නිවසකට ගිය විදුලි රැහැනක් මතට වැටී තිබේ.

එම විදුලි රැහැන් සම්බන්ධ කර තිබූ විදුලි කණුව මුලින් බිඳී ඒ අසළ සිටි පුද්ගලයකුගේ හිස මතට ඇද වැටී තිබේ. විදුලි කණුව හිසට වැටී⁣ම හේතුවෙන් එම පුද්ගයාගේ හිසට හා ශරීරයට දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර ප්‍රදේශයේ ජනතාව ලොරි රථයක් ආධාරයෙන් යකල්ල හුරුලුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

අනතුරට භාජනය වූ පුද්ගලයා ⁣රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රොහල් ප්‍රකාශකයකු සඳහන් කළේය. මේ වනවිටත් මියගිය පුද්ගලයාගේ මෘතදේහය යකල්ල හුරුලුවැව ග්‍රාමීය රොහල් මෘත ශල්‍යාගාරයේ තැම්පත් කොට ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 158/බී, පඩිකාරමඩුව ලිපිනයේ පදිංචිව සිටි කේ. නලින් ප්‍රසන්න කරුණාරත්න නැමැති 39 හැවිරිදි දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරික්ෂක සිදුකරනු ලබයි.