මේ වනවිට වෙළඳපළේ මාළු මිළ ඉහළ ගොස් තිබේ.
මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවීම මෙලෙස මිළ ගණන් ඉහළ යාමට හේතු වී තිබේ.
ඒ අනුව රුපියල් 300 මිලකට අලෙවි වූ සාලයා කිලෝවක් අද (10) රුපියල් 1000 හා රුපියල් 1500 අතර මිළකට අලෙවි වන අතර බලයා සහ කෙලවල්ලා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 1200 සිට 1500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.