― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"තෙල් පිරිපහදුවේ සේවකයන්ට කෝටි 250 - 300ක අතිකාල ගෙවලා"

“තෙල් පිරිපහදුවේ සේවකයන්ට කෝටි 250 – 300ක අතිකාල ගෙවලා”

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 – 300 අතර ප්‍රමාණයක් ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සෙවීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල –

වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.

අමාත්‍ය කංචන විජේසේකර –

පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.

පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.