― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅයවැය විවාදයට දින නියම වෙයි

අයවැය විවාදයට දින නියම වෙයි

ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 30, 31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඊයේ (10) පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.