26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව අද සිට වැඩි වෙයි

විදුලි කප්පාදුව අද සිට වැඩි වෙයි

දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව අද (15) සිට දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කරන බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. නොරොච්චෝලේ බලාගාරයේ 01 වැනි ඒකකයේ බිඳ වැටීමෙ හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (14) දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේ අද (15) සහ හෙට (16) යන දිනයන්වලදී විදුලි කප්පාදුව සිදු වන්නේ පැය 01යි විනාඩි 20ක කාලයකට පමණක් සීමා කර ඇති බවයි.