― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයගේ මිරිහානේ නිවසට දැඩි ආරක්ෂාවක්

ගෝඨාභයගේ මිරිහානේ නිවසට දැඩි ආරක්ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට උපදෙස් බල දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම හිටපු ගෝඨාභය රාජපක්ෂගේ නිවස අවට ප්‍රදේශය සම්බන්ධව විශේෂ සෝදිසියකින් පසුවන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගිය දා තහවුරු කළා.

විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට ජනතාව දැක් වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගිය.

සති කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි ඔහු පසුගිය 11 වනදා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටව ගොස් තිබූ බව වාර්තා වුණා.