― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන්න අකමැති ඊට රටේ නායකයින් හවුල් නිසාද?

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන්න අකමැති ඊට රටේ නායකයින් හවුල් නිසාද?

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසා දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ රාගම, තේවත්ත ජාතික බැසිලිකාවේ පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට එක්වෙමිනි.

අවුරුදු 75ක් පුරා රට තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව රට තුළ නොබෝදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත් සමාජීය වෙනසක් ඇතිකිරීමට නම් සියලු දෙනා ජීවිත වෙනස් කරගත යුතු බවත් උන්වහන්සේ එහිදී සඳහන් කළේය.

ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන බව කියමින් බලයට ආ නායකයන් කණ්ඩායමක් පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය ඇති වූ බවත් ආසියාවේ ආශ්චර්යය කරන බව කී කාලයේ විශාල කුලුණක් හදාගෙන ඇති බවත් සෞභාග්‍ය කී කාලයේ මිනිස්සු මිලියන හයකට කන්න තිබෙන්නේ එක වේලක් බවක් කී අගරදගුරුතුමන් කියා සිටියේ එම ක්‍රම වෙනස් විය යුතු බවයි.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසා දැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් හිමියන් පැවසීය.

මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතු බවත් නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බිය විය යුතු නැති බවත් අගරදගුරුතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.