― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsQR ක්‍රමවේදය නිසා ඉන්ධන ආනයන වියදම පහතට

QR ක්‍රමවේදය නිසා ඉන්ධන ආනයන වියදම පහතට

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල පහත ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැයවන මුදල ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහළ ගොස් ඇති බවයි.

QR ක්‍රමවේදය මෙරට පුද්ගලයින්ට කෝටා මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සැපයීමට අමතරව ජාතික ඉතිරියක් පිණිස ද හේතුවී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වනවිට මිලියන හයකට වැඩි වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි ඇති අතර දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් 93%ක මෙම QR ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.