― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෙළඳපොළේ බිත්තර හිඟයක්

වෙළඳපොළේ බිත්තර හිඟයක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමඟ වෙළඳපොළ තුළ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව වෙළඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් සඳහන් කරන්නේ බිත්තර සඳහා නිශ්චිත සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් තමන් නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වන බවයි.

මේ අතර උපරිම සිල්ලර මිලක් නියම කිරීම ඇතුළු ගැටළුවලට විසඳුම් ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක් භාරදීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියා.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 19 වනදා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45කටත්, සුදු බිත්තරයක් රුපියල් 43කටත් අලෙවි කළ යුතු වනවා.