ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ලැබුණු දෙවන යූරියා තොගය අද (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දී තිබේ.
ඒ අනුව යුරියා පොහොරවලට අමතරව මහකන්නයට බන්ඩි පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ යල කන්නයේ අස්වැන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන විධිමත් ලෙස ලබාදීම පිළිබද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා කරන බවයි.