මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද (23) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
69 හැවිරිදි හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යවරයා 2020 වසරේදී බලය අයුතු ලෙස භාවිත කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට වරදකරු වූ අතර ඔහුට වසර 12ක සිරදඩුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක දඩයක් පනවනු ලැබීය.