― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකසාද දෙකක් - මැවූ සිහින සුන් වෙයි

කසාද දෙකක් – මැවූ සිහින සුන් වෙයි

  • Tags:
  • ~

එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ වන විට ෆේස්බුක් තුල සැරිසරනවා

මෙහි පළවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ, පුරුෂයකුට කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.

එමෙන්ම එහි හයවෙනි යෝජනාවේ තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය තිබෙනවා.

තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන්.

Fake document

මේ ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහ යථාර්ථවාදී නොවන සැක උපදවන යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා

කෙසෙ නමුත් කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක සදහන් කරන්නේ , මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බවයි.