ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් ව ඇප මත මුදා හැර තිබෙනවා.
තවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.