― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsමැයි 09 සිදුවීම් මාලාවේ සාක්ෂි විමසීම අවසන්

මැයි 09 සිදුවීම් මාලාවේ සාක්ෂි විමසීම අවසන්

පසුගිය මැයි 9 වැනිදා දිවයින පුරා සිදු වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් 35 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසූ බවත් ඒ අතර හිටපු යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අය සිටින බවත් එම කමිටුව පවසයි.

මැයි 9 වැනිදා සිදුවීම් මාලාවේදී ආරක්ෂක අංශවලින් අඩුපාඩුවක් සිදුවූවා දැයි සොයා බැලීම සඳහා මෙම කොමිෂන් සභාව පත් කර ඇති අතර මෙහි වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිතය.