― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් පසුගිය දා සිදු කල වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් (25) වන දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් හැවිරිදි දෙහිවල නැදිමාල විජිත පාරේ පදිංචිව සිටි කාන්තාවකි.

සැකකාරිය තම මව පියා සහ තුන් හැවිරිදි දියණිය සමඟ අදාළ නිවසේ පදිංචිව සිට ඇත.

මෙම තැනැත්තිය පසුගිය 2021 වර්ෂයේදී ඩුබායි වෙසෙන සංවිධානාත්මක අපරාධ කරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් හතළිහක් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු හමුදා සෙබළකු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි ප්‍රහාරයට ලක්වීමට සිටි පුද්ගලයා අධිකරණය තුළදී හමුවී ඔහුගේ ඉදිරි නඩු දිනය සහ ඔහුගේ දුරකතන අංකයක් ලබා ගෙන එන ලෙසට හරක් කටා විසින් සැකකාරියට උපදෙස් ලබා දී ඇති අතර ඇය විසින් අධිකරණය තුළදී ඉහත වෙඩි ප්‍රහාරයට ලක්වීමට සිටි පුද්ගලයා සමඟ කතා කිරීමට පෙර අධිකරණයේ දී වෙඩි තැබීම සිදු වූ බැවින් ඇය අධිකරණයෙන් පිටව ගොස් ඇත.

එදිනම පස්වරුවේ හරක් කටා යන අය විසින් දෙන ලද ඇමතුමකට අනුව දෙහිවල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ඇයට පාර්සලයක් ලබාදී ඇති අතර එය බැලීමේදී පිස්තෝලයක් බවට දැක තම නිවසේ කුස්සිය සඟවා තබා ගෙන පසුදින හරක් කටාගේ උපදෙස් මත යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකුට එම පිස්තෝලය සහිත පාර්සලය ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.