― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාන් රාත්තලක් රුපියල් 300ක් වෙයි?

පාන් රාත්තලක් රුපියල් 300ක් වෙයි?

වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟය හේතුවෙන් ඉදිරියේදී පාන් මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකි බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඩොලර් අර්බුදය නිසා සමාගම් තිරිඟු පිටි ආනයනය සීමා කිරීම හේතුවෙන් කිලෝග්‍රෑම් 50ක තිරිඟු පිටි බෑගයක මිල මේ වනවිට රුපියල් 20,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තිරිඟු පිටි හිඟය හේතුවෙන් බොහෝ බේකරි වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සමස්ත ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.