― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපතිගේ නාන තටාකයේ සතුටු වන ඉරාක අරගලකරුවන්

ජනපතිගේ නාන තටාකයේ සතුටු වන ඉරාක අරගලකරුවන්

අරගලයක නිරත වී සිටින ඉරාක වැසියන් එරට ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

මේ වන විට විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි ගණනාවක බලය අල්ලාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාක රජය ඊයේ රාත්‍රීයේ සිට ඇඳිරි නීතිය පනවමින් මේ සඳහා ප්‍රතිචාර දක්වා තිබේ.

ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර් දේශපාලනයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමත් සමග තත්ත්වය උත්සන්න වී තිබේ. පවතින තත්තවයත් සමග බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ද හෙලිකොප්ටර් මගින් ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.