30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ බලපිටිය රෝහල අසළ ඊයේ (31) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරයි.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිව තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටද තවදුරටත් පොලිසිය සැකකරනු ලබයි. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.