― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන හා ගෑස් ප්‍රශ්නයට කඩිනමින් විසඳුම්

ඉන්ධන හා ගෑස් ප්‍රශ්නයට කඩිනමින් විසඳුම්

රට තුළ පවතින ඉන්ධන, ගෑස් හා වී ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉහත ක්ෂේත්‍රවලට අයත් නිලධාරීන් සමඟ අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද අතර එහිදී ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙස රත්නායක උපදෙස් දුන්නේය.

භූමිතෙල් සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා විසින් උපදෙස් ලබාදෙන ලදී.

සහල් මිල ඉහල යාම හා වී ගොවියාට සහතික මිලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය. වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි.

වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැනිණ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග යන මහත්වරු ඇතුළු ඉන්ධන, ගෑස් හා වී ක්ෂේත්‍රවල රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා බැංකු ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.