27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුබායි සිට ආ බිරිඳගේ දිවි නසා සැමියාත් දිවි නසාගනියි

ඩුබායි සිට ආ බිරිඳගේ දිවි නසා සැමියාත් දිවි නසාගනියි

සිය බිරිඳව ඝාතනය කර සැමියාද සියදිවි හානි කරගත් පුවතක් දඹුල්ල – තිත්තවැල්ගොල්ල, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සේවය කර දිවයිනට පැමිණි කාන්තාවක් බවටයි වාර්තා වුණේ. ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර සැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුද සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ. ඝාතනයට ලක්ව ඇති කාන්තාව 42 හැවිරිදි ගීතා කුමාරි නමැති තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.