― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩුබායි සිට ආ බිරිඳගේ දිවි නසා සැමියාත් දිවි නසාගනියි

ඩුබායි සිට ආ බිරිඳගේ දිවි නසා සැමියාත් දිවි නසාගනියි

සිය බිරිඳව ඝාතනය කර සැමියාද සියදිවි හානි කරගත් පුවතක් දඹුල්ල – තිත්තවැල්ගොල්ල, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සේවය කර දිවයිනට පැමිණි කාන්තාවක් බවටයි වාර්තා වුණේ. ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර සැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුද සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ. ඝාතනයට ලක්ව ඇති කාන්තාව 42 හැවිරිදි ගීතා කුමාරි නමැති තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.