― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ස්ටග්‍රෑම් ඇප් එකට යුරෝ මිලියන 405ක දඩයක්

ඉන්ස්ටග්‍රෑම් ඇප් එකට යුරෝ මිලියන 405ක දඩයක්

ලොව සුප්‍රසිද්ධ සමාජ ජාල මාධ්‍යයක් වන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට යුරෝ මිලියන 405ක දඩයක් පැනවීමට අයර්ලන්ත අධිකරණය කටයුතු කර තිබෙනවා.

ළමුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට මෙම දඩය පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා සඳහන් කළේ ලද පැමිණිලි වලට අනුව සිදුකළ දිර්ඝකාලින විමර්ශනවලින් පසු පසුගිය සිකුරාදා මෙම තීරණය ගත් බවයි. මෙම තීරණය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර මෙම සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල මාධ්‍ය භාවිතාකරන ළමුන්ගේ පෞද්ගලික දුරකථන අංක සහ ඊමේල් ලිපිනයන් අවදානමට ලක්ව ඇති බවට මෙලෙස පැමිණි ලැබී තිබූ බව සඳහන්. කෙසේ වෙතත් ඉන්ස්ටග්‍රෑම්හි හිමිකරු මෙටා සමාගම පැවසුවේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.