වගා හානි සඳහා රජයේ වන්දි මුදල අක්කරයකට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත.
සහල්, මිරිස්, බඩ ඉරිඟු, අර්තාපල්, ළූණු වගාවන්ට හානි වූ විට අක්කරයකට රුපියල් 40,000ක් මෙතෙක් ලබාදී තිබුණද දැන් එම මුදල රුපියල් 60,000ක් බවට බලධාරීන් තීරණය කර තිබේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් සිදුව ඇති බවයි.