27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටින් මාළු ආනයනය සීමා කරන්නැයි ඉල්ලීමක්

ටින් මාළු ආනයනය සීමා කරන්නැයි ඉල්ලීමක්

දේශීය ටින් මාළු නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා තම ඉල්ලීම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

ඊයේ (07) වාණිජ අමාත්‍යාංශයේදී දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආනයනික ටින් මාළු අඩු මිලට වෙළෙඳපොළේ ඇති බැවින් දේශීය ටින් මාළු නිෂ්පාදකයින් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව එහිදී දේශීය ටින් මාළු නිෂ්පාදකයින් ඇමැතිවරයාට පවසා තිබේ.

මේ හේතුවෙන් ධීවරයින් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බැවින් ටින් මාළු ආනයනය සීමා කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.