― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදමිතා නිදහස් කරන්නැයි සජිත් ඉල්ලයි

දමිතා නිදහස් කරන්නැයි සජිත් ඉල්ලයි

ජනාධිපති ලේකම් කාර් යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ (07) පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මේ වනවිට කොටුව පොලිසියේ රඳවා සිටින අතර පොලිසිය සඳහන් කළේ ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.