26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි

දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී වූ රැජින බැල්මොරාල් මාළිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිනගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර් තා වෙයි.

1926 අප්‍රේල් 21 වැනිදා ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර් යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

ඇය රජ කිරුළ හිස දැරූ අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර් චිල්ය.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුළ අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රාජිනිය වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්ය.