― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශිංසන පිළිගන්වා තිබේ.

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් විය. ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ට, කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පුද කර සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිතුමා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බවද මෙම නිවේදනයේ සඳහන්ය.