වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි.