― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරාජ්‍ය ආයතන සතු සියලු මුදල් ආණ්ඩුව බලෙන් ලබා ගන්නවා

රාජ්‍ය ආයතන සතු සියලු මුදල් ආණ්ඩුව බලෙන් ලබා ගන්නවා

රාජ්‍ය ආයතන සතු සියලු මුදල් ආණ්ඩුව බලෙන් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද 24 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු රුපියල් මිලියන් දාහක ඒ කියන්නෙ රුපියල් කෝටි 100ක මුදල් භාණ්ඩාගාරයට බාර දෙන්න කියලා මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතාගේ අත්සනින් යුතුව දෙසැම්බර් මාසෙ 15 වැනිදා මෙන්න මේ ලිපිය නිකුත් කරලා තියෙනවා. මේ ලිපියට අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු තැන්පතු මුදල් වලින් රුපියල් කෝටි සීයක් වහාම භාණ්ඩාගාරයට බාර දෙන්න කියලා. දෙසැම්බර් මස 25 වැනිදා ට කලින් බාර දෙන්න කියලා.
 දෙසැම්බර් මස 25 වැනිදා කියන්නේ හෙට හෙට බැංකු වැඩ කරන්නේ නැහැ. අද දවස මේක ගන්න තමයි සියලු සැලසුම් ඇති කරල තිබුනෙ මේ වෙනකොට මේ වෙනකොට රුපියල් කෝටි 75ක් මහා භාණ්ඩාගාරයට යැවීම සඳහා කොමිසන් සභාවේ අනුමැතියක් සහිතව චෙක් පතක් අත්සන් කරලා තියෙනවා, මේ මාධ්‍ය හමුව පැවැත්වෙන මොහොත වන විටත් ඒ අය උත්සාහ කරමින් ඉන්නවා හෙට නිවාඩු දවසක් නිසා අද බැංකු කටයුතු යම් විදියකට අකර්මණ්‍ය වෙලා තියෙන්නේ.
 බැංකුවක් ඇරගෙන හරි මේ සල්ලි ටික ගන්න භාණ්ඩාගාරය උත්සාහ කරමින් ඉන්නවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු මුදල් කියලා කියන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින්ම උපයන ලද මුදල්. මේකෙ සේවකයන්ට පඩිනඩි ගෙවන්න හරි වෙනත් කිසිදු කටයුත්තක් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගන්නේ නැහැ.
 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා.  සමස්ත රජයේ ඉඩම් වලින් තුනෙන් දෙකක් විතරම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම්.
 ඒ ඉඩම් විකිණීමෙන් එය ඉඩම් බදු දීමෙන් එය ඉඩම් පැවරීමෙන් අනිකුත් කටයුතු වලට යොදා ගැනීමෙන් ඉඩම් වල තියෙන ගල් කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් වැනි දේවල්වලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මුදල් හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කරන මොහොතේ දී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 100 ක පමණ මුදලක් ලබා දීලා තියෙනවා.
 සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක් පටන් ගන්නකොට ආයතනයකට ආරම්භක මුදලක් ලබා දෙනවා. ඒ ආරම්භක මුදල හැරුණු විට එතනින් පස්සේ නඩත්තුව සඳහා මේක මුදල් අරගෙන නැහැ.

 මෙතැන තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂක සිසිර සේනානායක මහතා විසින් මේ සම්බන්ධව නිකුත් කරපු වාර්තාව මේ වාර්තාවට අනුව
 ඔහු කොමිසන් සභාවට  දැනුම් දීල තියනවා කිසිසේත්ම රුපියල් කෝටි සියයක් භාණ්ඩාගාරයට මේ මුදලින් ලබා දෙන්න ඉඩ තියන්න එපා කියලා ඒකට හේතුව තමයි දැනට මේ ආයතනය සතු මුදලින් රුපියල් කෝටි එකසිය අසූවක් හරියටම ගත්තොත් රුපියල් මිලියන එක්දහස් අටසිය දහතුනක් මේකෙ තියෙන විදිහට ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා තියෙනවා.
  ස්ථාවර තැන්පතු වල ලැබෙන පොලී මුදලින් තමයි සේවකයෝ පන්සිය විස්සක් පමණ ඉන්නවා මේ ආයතනයේ ඒ අයට පඩි නඩි ගෙවන්නේ. මේ ආයතනය කුලියට තියෙන ගොඩනැගිලි වල තමයි කාර්යාල පවත්වාගෙන යන්නේ ඒවට අදාල කුලී ගෙවන්නේ.
 මේ වාර්තාව නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ගෙවල් කුලී ගෙවන්න තියෙන ප්‍රමාණයක් තියෙනවා සේවකයන්ගේ පාරිතෝෂික ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා විවිධ ණය හිමියන් සඳහා රුපියල් මිලියන එකසිය තිස් හතරක පමණ මුදලක් ගෙවන්න තියෙනවා.
 සමහර දේවල් වලට අදාළව අධිකරණයේ නඩු කටයුතු ගිහිල්ලා නඩු කටයුතු වලට අදාලව ගෙවන්න තියෙන වන්දි සහ පොලී වගේ දේවල් රුපියල් මිලියන  එක්දාස් හාරසිය හැ ට  තුනක් විතර තියෙනවා.
 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අලුතින් ගොඩනැගිල්ලක් ඉදිකරන්න හරි මිලදී ගන්න හරි තව රුපියල් මිලියන 500 ක් අවශ්‍යයි කියලා ඔවුන් දැනුම් දීලා තියෙනවා.
 කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය පවා රුපියල් මිලියන හාරසිය අසූවක් තියෙනවා. මේ තත්ත්වය තුළ දැනට තියෙන මුදලත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ප්‍රමාණවත් නෑ කියලා තමයි මුදල් අධ්‍යක්ෂකවරයා දැනුම් දීලා තියෙන්නේ.
 දැනට ස්ථාවර තැන්පතු වල තැන්පත් කරලා තියෙන රුපියල් කෝ ටී එකසිය අසූවෙන් රුපියල් කෝටි සීයක්ම භාණ්ඩාගාරයට ලබාදීම විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවත්වාගෙන යා නොහැකි මට්ටමේ අර්බුදයකට පත් වෙනවා.
 ආණ්ඩුව රජය බලහත්කාරයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කට්ටියගේ අත අඹර ව ල අත්සන අරන් තියෙන්නේ රුපියල් කෝටි සියයක් නෙමෙයි රුපියල් කෝටි 75ක් සඳහා අවසර අරන් තියෙනවා.
 දැන් රුපියල් කෝටි 75ක් සඳහා වන චෙක් පතක් ලියලා තියෙනවා  ඒ චෙක් පත හරහා අද දවස මේක කරගන්න බැරි වුණත් සඳුදා වෙද්දි මේ මුදල් ගන්නවා.
 රාජ්‍ය ආයතන සතු සියලු මුදල් මේ විදිහට භාණ්ඩාගාරය විසින් පවරා ගනිමින් ඉන්නවා. මේ දවස් වල කතා කරමින් ඉන්නේ ඩොලර් හිඟයක් ගැන නේ ප්‍රශ්නය ඩොලර් හිඟ නම් මේ තියෙන රුපියල් ගන්නෙ ඇයි
 රුපියල් වල ප්‍රශ්නයකුත් මතු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතිනම් මේ ඩොලර් හිඟය පියවීම සඳහා කියලා කිසි තේරුමක් නැතුව රාජ්‍ය ආයතන වල තියෙන මුදල් මේ විදිහට මංකොල්ලකන්න ඇයි කියලා ප්‍රශ්න තියෙනවා.

 ඉතාමත්ම පැහැදිලි මේ මුදල් ලබා ගන්න මේ අවුරුද්ද අවසානේ විවිධාකාර නාස්තිකාර වියදම් විවිධාකාරයේ සාද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට වරදාන ලබා දීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා තමයි මේ සොරකම වංචාව කරන්නේ.