27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔසප් සමයේදී දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්

ඔසප් සමයේදී දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්

වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේදී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මෙයට බලපා ඇත්තේ සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පවතින ආර් ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.