25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර් ඝ කෙරේ

රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර් ඝ කෙරේ

මාස 06ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර් ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර් යාලයට හෝ කොළඹ වේරහැර කාර් යාලයට පැමිණිය යුතු බවයි. මාස 6ක කාලයකට නිකුත් කර ඇති බලපත්‍ර සඳහා වසරක් දක්වා කාලය දීර් ඝ කිරීමක් ලබා දෙනු ඇති.

මේ අතර දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍රලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුද්‍රණ කාඩ්පත් 450,000 ක තොගයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බවයි.