― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකපුටු කාක් තාලෙට නලාව නාද කළ නීතිඥවරයා නඩුවෙන් නිදහස්

කපුටු කාක් තාලෙට නලාව නාද කළ නීතිඥවරයා නඩුවෙන් නිදහස්

අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව ‘කපුටු කාක් කාක්’ යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.

කිසිවෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේදී නිසි පරිදි නීතිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩි ලෙස අවවාද කළේය.