30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදමිතාගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර් ශනයක් ඇරඹේ

දමිතාගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර් ශනයක් ඇරඹේ

පසුගියදා ඇප මත මුදා හැරීමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කළ දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර තුළදී තමන්ව ජරා ගැහැනුන් සිටින තැනකට දමන ලෙස ඉහළ නිලධාරීන් නියෝග කළ බව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය පැවසුවේ යැයි සඳහන් කළාය.

ප්‍රසිද්ධියේ මාධ්‍යයට කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් වාර් තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

බන්ධනාගාර නිලධාරිනියක් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට එරෙහිව එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් එය බරපතළ තත්ත්වයක් වන බැවින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

තමන්ව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළදී රඳවා තබනු ලැබුවේ වැසිකිළියක් ආසන්නයේ වූ අපිරිසිදු ස්ථානයක බවද දමිතා එහිදී මාධ්‍යයට ප්‍රකාශ කළාය.