සීදූව – වෑත්තෑව විහාරස්ථානයේ විහාරාධීපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේ වැඩ විසූ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම හිමියන් අද (15) අලුයම ඩුබායි බලා පිටත්වීමට තැත්කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
18 හැවිරිදි වියේ පසුවන හිමිනම මේ වන විට සීදූව පොලිස් භාරයේ පසුවන අතර පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.